පාප් වහන්සේ රෝහල්ගත කෙරේ

අතිඋතුම් ශුද්ධෝතම පළමුවන ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල්ගත කෙරේ

by Staff writer 30-03-2023 | 4:42 PM

COLOMBO (News 1st) –  අතිඋතුම් ශුද්ධෝතම පළමුවන ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල්ගත කර තිබේ. 

විදෙස් වාර්තා සඳහන් කළේ, ශ්වසන ආබාධයක් හේතුවෙන් උන් වහන්සේ වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා ගෙමෙල්ලි රෝහලට ඇතුළත් කර ඇති බවයි. 

වතිකානය සඳහන් කළේ,දින කිහිපයක් ප්‍රතිකාර සඳහා උන්වහන්සේ රෝහලේ රැඳී සිටින බවයි.