මතභේදාත්මක ප්‍රතිසංස්කරණ සැලසුම්වලින් ඉවත් වන්නැයි ජනපති බයිඩන් ඊශ්‍රායල අගමැතිට කියයි

මතභේදාත්මක ප්‍රතිසංස්කරණ සැලසුම්වලින් ඉවත් වන්නැයි ජනපති බයිඩන් ඊශ්‍රායල අගමැතිට කියයි

මතභේදාත්මක ප්‍රතිසංස්කරණ සැලසුම්වලින් ඉවත් වන්නැයි ජනපති බයිඩන් ඊශ්‍රායල අගමැතිට කියයි

කර්තෘ Staff writer

30 Mar, 2023 | 4:35 pm

COLOMBO (News 1st) – මතභේදාත්මක අධිකරණ ප්‍රතිසංස්කරණ සැලසුම්වලින් ඉවත් වන්නැයි අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට දන්වා තිබේ. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ,  අමෙරිකානු ජනාධිපතිවරයාගේ ඉල්ලීම දැඩිව ප්‍රතික්ෂේප කරමින් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා එම ඉල්ලීම ඉවත දමා ඇති බවයි.

ඊශ්‍රායලයට එම සැලසුම් ඔස්සේ ඉදිරියට යා නොහැකි බව අමෙරිකානු ජනාධිපතිවරයා පවසා තිබේ. 

නමුත් ඊට ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ, ඊශ්‍රායලය තීරණ ගන්නේ විදේශයන්ගෙන් පැමිණෙන බලපෑම් මත නොව,, සිය අභිමතය මත පමණක් බවයි.

කෙසේ වෙතත්, රට තුළ මතුවූ විරෝධතා සහ වර්ජන හමුවේ සිය අධිකරණ ප්‍රතිසංස්කරණ කල් දැමීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මේ වන විට තීරණය කර තිබේ. 

නමුත් මේ වන විටත් අධිකරණ ප්‍රතිසංස්කරණ හකුලා ගන්නා ලෙස ඉල්ලමින් දහස් සංඛාත ජනතාව විරෝධතාවල නිරත වන බව විදෙස් වාර්තා වන සඳහන් ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]