ජාතික වාර්තා තුනක් අලුත් කළ යුද හමුදා ශූරතාවලියේ දෙවෙනි දිනය:මළල ක්‍රීඩාවෙන් ජාතික වාර්තා තුනක්

ජාතික වාර්තා තුනක් අලුත් කළ යුද හමුදා ශූරතාවලියේ දෙවෙනි දිනය:මළල ක්‍රීඩාවෙන් ජාතික වාර්තා තුනක්

ජාතික වාර්තා තුනක් අලුත් කළ යුද හමුදා ශූරතාවලියේ දෙවෙනි දිනය:මළල ක්‍රීඩාවෙන් ජාතික වාර්තා තුනක්

කර්තෘ Staff writer

30 Mar, 2023 | 6:36 pm

COLOMBO (News 1st) – 58 වැනි ශ්‍රී ලංකා යුද හමුදා මළල ක්‍රීඩා ශූරතාවලිය අද (30)දෙවැනි දිනටත් දියගමදී පැවැත්විණි.

ඒ නව ශ්‍රී ලංකා වාර්තා 3ක්ද පිහිටුවමිනි.

ලක්මාල් ප්‍රනාන්දු, 10,000 මීටර ඇවිදීම පිරිමි ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවූ අතර ඔහු දැක්වූ දක්ෂතාව මිනිත්තු 45යි තත්පර 12යි දශම 2යි 2කි.

මේ අතර  තරග 10,000 මීටර ඇවිදීම කාන්තා ඉසව්වට එක් වූ කල්හාරි මදිරිකා නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවූවාය.

කල්හාරි තරගය අවසන් කළේ,මිනිත්තු 49යි තත්ත්පර 25යි දශම 9යි 7ක දක්ෂතාවක් දක්වමිනි.

සචින් එරංග ජනිත් ශ්‍රී ලංකා වාර්තාව පිහිටු වූයේ රිටි පැනීම පිරිමි ඉසව්වෙන් වන අතර ඔහු මීටර 15යි දශම 1යි 6ක දක්ෂතාවක් දැක්වූවේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]