අරුණ දර්ශන මීටර් 200 ඉසව්වෙන් නව තරගාවලි වාර්තාවක්

අරුණ දර්ශන මීටර් 200 ඉසව්වෙන් නව තරගාවලි වාර්තාවක්

අරුණ දර්ශන මීටර් 200 ඉසව්වෙන් නව තරගාවලි වාර්තාවක්

කර්තෘ Staff writer

30 Mar, 2023 | 3:58 pm

COLOMBO (News 1st) – 58 වැනි යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවලියේදී අරුණ දර්ශන මීටර් 200 ඉසව්වෙන් නව තරගාවලි වාර්තාවක් පිහිටුවීය. 

58 වැනි යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවලිය දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී අද දෙවන දිනටත්  පැවැත්වේ.

අරුණ දර්ශන අද උදෑසන පැවැති පිරිමි මීටර් 200 ඉසව්වේ තරගාවලි වාර්තාව අලුත් කළේ තත්පර 20යි දශම 6 යි 5 කින් තරගය අවසන් කරමිනි. 

එය සටහන් වන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු මීටර් 200 ඉසව්ව සඳහා වාර්තා කළ දෙවැනි වේගවත්ම කාලය ලෙසයි.

අරුණ දර්ශන මෙම ඉසව්වට දැක් වූ ඉහළම දක්ෂතාව ද මෙය වේ. 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]