පොලිස් සහ හමුදා සහය ඇතිව ඉන්ධන බෙදාහරී

පොලිස් සහ ත්‍රිවිද හමුදා සහය ඇතිව ඉන්ධන බෙදා හරින බව ඇමති කියයි

by Staff writer 29-03-2023 | 8:56 AM

COLOMBO (News 1st) –  අද උදැසන 6.00 සිට මුතුරාජවෙල සහ කොළොන්නාව පර්යන්තවලින් දිවයින පුරා ඉන්ධන ‌බෙදා හැරීම ආරම්භ කර ඇතැයි, අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. 

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ,  පොලිසිය සහ ත්‍රිවිද හමුදාවේ සහය ඇතිව  අදාළ බෙදාහැරීම් සිදු වන බවයි.

මේ වන විට රට තුළ ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව ද අමාත්‍යවරයා පවසයි. 

කෙසේ වෙතත් ඇතැම් ඉන්ධන පිරවුම්හල් ලබන පළමු වැනිදා සිදුකීරිමට නියමිත මිල සංශෝධන අපේක්ෂාවෙන් ඉන්ධන ඇනවුම් කර නොමැති බවට පෙනී ගොස් ඇති බව අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන් ය. 

අමාත්‍යවරයා අදාළ පිරවුම්හල්වලට දැනුම් දී ඇත්තේ, සිය ඇණවුම් ලබා දීමට සහ අවශ්‍ය අවම තොග පවත්වා ගැනීමට කටයුතු කරන ලෙසයි.