ඉන්ධන බෙදීමට බාධා කළ නිලධාරීන්ට අනිවාර්ය නිවාඩු

ඉන්ධන බෙදා හැරීමට බාධා කළ නිලධාරීන් අනිවාර්ය නිවාඩු යවයි

by Staff writer 29-03-2023 | 8:15 AM

COLOMBO (News 1st) – ඉන්ධන බෙදා හැරීමේ කටයුතුවලට බාධා කළ  වෘත්තිය සමිති නායකයින් සහ සේවකයින් අනිවාර්ය නිවාඩු ගැන්වීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථා ‍කළමණාකාරිත්වය තීරණය කර තිබේ. 

නිවේදනයක් නිකුත් කරමින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ,  ඒම වෘත්තිය සමිති නායකයින්ට සහ සේවකයින්ට ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයන්, ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සේවා පරිශ්‍රයන් තහනම් කලාප බවට පත් කර ඇති බවයි.

අනෙකුත් සියලුම නිලධාරීන් සේවයට වාර්තා කර ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සහ අනෙකුත් සේවවෙන් අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කළ යුතු බව අදාළ නිවේදනයෙන් දැනුම් දී තිබේ.