අද (29) මාධ්‍ය රාත්‍රී සිට තෙල් මිල අඩු වෙන්නේ මෙහෙමයි

by Staff writer 29-03-2023 | 11:47 AM

COLOMBO (News 1st) – ජනාධිපතිවරයාගේ උපදෙස් මත ඉන්ධන මිල සූත්‍රයට අනුව අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කිරීමට කටයුතු කර තිබේ. 

විදුලි බල හා බලශක්ති අමාත්‍යංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා ඒ බව පැවසී ය. 

ඒ අනුව, පෙට්‍රල් 92 ලීටරයක් රුපියල් 60 කින්,  සුදු ඩීසල් ලීටරයක් රුපියල් 80 කින්,  පෙට්‍රල් 95 ලීටරයක් රුපියල් 135 කින්, 
සුපර් ඩීසල්  ලීටරයක් 45 කින්  සහ භූමිතෙල් රුපියල් 10 කින්  පහළ යනු ඇති. 

මිල සංශෝධනය අනුව නව මිල ගණන් පහත පරිදි වේ. 
පෙට්‍රල් 92 ලීටරයක් - රුපියල් 340යි 
සුදු ඩීසල් ලීටරයක් - රුපියල් 325 යි 
පෙට්‍රල් 95 ලීටරයක්  - රුපියල් 375 යි 
සුපර් ඩීසල්  ලීටරයක්  - රුපියල් 465 යි 
භූමිතෙල් ලීටරයක්   - රුපියල් 295යි 


මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සංශෝධනයන්ට සමගාමීව එම මිල ගණන්වලින් ම අද (29) මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල පහත දමන බව, IOC සමාගම පවසයි.