වයඹ DIG ඇතුළු නිලධාරින් 5කට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම්

වයඹ DIG ඇතුළු නිලධාරින් 5කට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම්

වයඹ DIG ඇතුළු නිලධාරින් 5කට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම්

කර්තෘ Staff writer

29 Mar, 2023 | 1:10 pm

COLOMBO (News 1st) – වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් 05 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරුවීම් ලබාදි තිබේ. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා සඳහන් කළේ,  පුත්තලම නියෝජ්‍ය පොලිස්පතිවරයා ,පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා, පුත්තලම පොලිස් අධිකාරිවරයා සහ ආණමඩු පොලිස් ස්ථානාධිපතිවරයාට එසේ ස්ථාන මාරුවිම් ලබා දී ඇති බවයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පොලිස් මූලස්ථානයට මාරුකර යවා තිබේ. 

සෙසු නිලධාරීන් මාරුකොට ඇත්තේ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයටයි.

මේ අතර වයඹ පළාත භාර වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සජීව මැදවත්ත මහතා පත්කර තිබේ.  

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]