රාහුල් ගාන්ධි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීම ගැන ඉන්දීය අගමැතිගේ විරෝධය

රාහුල් ගාන්ධි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීම ගැන ඉන්දීය අගමැතිගේ විරෝධය

රාහුල් ගාන්ධි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීම ගැන ඉන්දීය අගමැතිගේ විරෝධය

කර්තෘ Staff writer

29 Mar, 2023 | 10:20 am

COLOMBO (News 1st) – රාහුල් ගාන්ධි පාර්ලිමේන්තුවට නුසුදුස්සෙකු කිරීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය විරෝධය පළ කර තිබේ.  

විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ , එරට විපක්ෂයේ නව එක්වීම් තමන් හෙළා  දකින බවයි. 

එම විපක්ෂ සමජිකයින්ගේ එක්වීම දූෂිතයින් එක වේදිකාවකට එක්වීමක් ලෙස සැළකිය හැකි බව ඔහුගේ මතයයි.  

පක්ෂ 14ක් ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට ගත් පියවර එරට මධ්‍යම රජයේ ආයතන අවභාවිත කිරීමක් බව ද ඔහු පැවසී ය. 

තමන්ට ව්‍යවස්ථාපිත ආයතනවල ශක්තිමත් පදනමක් ඇති බවත් ඒ හේතුවෙන් එම ව්‍යවස්ථාපිත ආයතන අකර්ම්න්‍ය කිරීමට විපක්ෂය කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වැඩිදුරටත් පෙන්වා දෙයි. 

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]