පොලීසිය කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

පොලීසිය කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

පොලීසිය කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

කර්තෘ Staff writer

29 Mar, 2023 | 8:27 pm

COLOMBO (News 1st) – වෙන්නප්පුව, පේරගස්හන්දිය ප්‍රදේශයේදී පොලීසිය කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, රන් මාල කොල්ලයක් සම්බන්ධයෙන් අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට මාරවිල පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් අද (29) පස්වරුවේ ගොස් ඇති බවයි.

යතුරුපැදියකින් පැමිණි අදාළ  සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී ,  අදාළ පුද්ගලයා විසින්  පොලිස් නිලධාරීන්ට කඩුවකින් පහරදී ඇතැයි, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් සඳහන් කළේ ය.

පහරදිමෙන් තුවාල ලැබූ  පොලිස් නිලධාරියා සැකකරුට වෙඩි තබා ඇතැයි වාර්තා වේ.

වෙඩි වැදි තුවාල ලැබූ සැකකරු රෝහලට රැගෙන යන  අතරතුර මියගොස් ඇතැයි, පොලීසිය සඳහන් කළේ ය.

සිද්ධියෙන් තුවාල ලැබු පොලිස් නිලධාරියා මාරවිල රෝහලට ඇතුළත් කර ඇත.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]