ජෝශප් මයිකල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 17 වැනි කතානායක ජෝශප් මයිකල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වෙයි.

by Staff writer 28-03-2023 | 5:30 PM

COLOMBO (News 1st) – හිටපු කතානායකවරයෙකු හා හිටපු අමාත්‍යවරයෙකු වන ජෝශප්  මයිකල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී ති‌බේ. 

අභාවප්‍රාප්ත වන විට ඒ මහතාගේ වයස අවුරුදු 82 කි. 

ජෝශප්  මයිකල් පෙරේරා මහතා මෙරට පාර්ලිමේන්තුවේ 17 වැනි කතානායකවරයා වන අතර  1976 සිට පාර්ලිමේන්තුව නියෝජනය කළේය.

1976 සිට 1977 දක්වා ජාතික රාජ්‍ය සභාව නියෝජනය කළ එතුමා 1978 දී ශ්‍රී ලංකා ප්‍රජාතාත්ත්‍රික සමාජවාදී පළමු පාර්ලිමේන්තුව නියෝජනය කළේ ය.

එතැන් සිට 2015 අගෝස්තු 17 වැනිදා දක්වා පාර්ලිමේන්තුව නියෝජනය කළ  ඒ මහතා මන්ත්‍රීවරයෙකු , අමාත්‍යවරයෙකු හා කතානායකවරයෙකු ලෙස  තනතුරු රැසක් හෙබවීය.