.webp)
COLOMBO (News 1st) – ගලෙන්බිඳුණුවැව, පඩිකාරමඩුව ප්‍රදේශයේ වන අලි පලවා හැරීමේ මෙහෙයුමක දී වන අලියෙකු පහරදීමෙන් රිටිගල වනජීවි කාර්යාලයේ ප්‍රධාන නිලධාරියෙකු මිය ගොස් තිබේ.
ඔහු මාතලේ ප්‍රදේශයේ පදිංචි පී.බී.ජේ . විජේකෝන් නැමති දෙදරු පියෙකි .
ගලෙන්බිඳුණුවැව දික්වැව ප්‍රදේශයට පැමිණි වන අලි ඊයේ (28) පස්වරුවේ ප්‍රදේශයේ වගා බිම් රැසක් විනාශ කර තිබූ අතර ඒ අනුව ප්‍රදේශවාසින් සිවිල් ආරක්ෂක නිලධාරින් එක්ව වන අලි පලවා හැරීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
එහිදි වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු තුවාල ලැබූ අතර ඔහු මේ වන විට ප්‍රතිකාර ලබන්නේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ ය.
වන අලි පලවා හැරීමේ මෙහෙයුමට අද (28) පස්වරුවේ වන ජිවි නිලධාරින් එක් වූ අතර එම අවස්ථාවේදී රිටිගල වනජීවි කාර්යාලයේ නිලධාරියෙකුට වන අලියෙකු පහර දී තිබේ.
අදාළ නිලධාරියා රෝහල් ගත කිරිමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබේ.