.webp)
COLOMBO (News 1st) – පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මුදල් නිකුත් කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැතැයි, මැතිවරණ කොමිසම පවසයි.
එම කොමිසම සඳහන් කළේ, සාධනීය ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි, අපේක්ෂා කරන බවයි.
මේ අතර මේ සතිය තුළ අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡාවට අවස්ථාවක් ලැබෙනු ඇතැයි, අපේක්ෂා කරන බව ද මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේ ය.
කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, අප්‍රේල් 04 වැනිදා කොමිසම රැස්වී මැතිවරණය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බවයි.