ත්‍රිකුණාමලයේ සූර්ය බලාගාරයට කැබිනට් අනුමැතිය

ත්‍රිකුණාමලයේ සූර්ය බලාගාරයක් ඉදි කිරීමට කැබිනට් අනුමැතිය

by Staff writer 28-03-2023 | 3:29 PM

COLOMBO (News 1st) – ලංකා විදුලි බල මණ්ඩලය සහ ඉන්දියාවේ ජාතික තාප විදුලි සංස්ථාවේ හවුල් ව්‍යාපාර සමාගමක් විසින් ත්‍රිකුණාමලයේ සාම්පූර්හි සූර්ය බලාගාරයක් ස්ථාපනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. 

මෙගාවොට් 135ක ධාරිතාවයෙන් යුතු  නව බලාගාරය ඉදිරිකිරීමට නියමිතව ඇත්තේ සාම්පූර් ගල්අගුරු බලාගාරය ඉදිරිකිරීමට සැලසුම් කර තිබූ ස්ථානයේමයි.

මෙහි පළමු පියවර යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 42.5ක වියදමින් මෙගාවොට් 50ක සූර්යය බලශක්ති ව්‍යාපෘතියක් ඉදිකෙරෙනු ඇති. 

ඊට අමතරව, අමෙරිකානු ඩොලර් මිලියන 23.6ක විදයමින් සාම්පූර් සිට කප්පල්තුරේ දක්වා කිලෝමීටර 40ක දිගින් යුතු කිලෝවොට් 220 සම්ප්‍රේෂණ මාර්ගයක්ද ඉදිකිරීමට නියමිතයි.

දෙවන අදිරය යටතේ ද මෙගාවොට් 85ක ධාරිතාවයෙන් යුතු සූර්ය බලාගාරයක් සහ කිලෝවොල්ට් 220ක ධාරිතාවයෙන් යුතු සම්ප්‍රේෂණ මාර්ගයක් ඉදිකිරීමට නියමිතව ඇත.

ව්‍යාපෘතිය 2024 සිට 2025දක්වා වසර දෙකකින් නිම කිරීමට නියමිතයි.

මේ අතර පුණර්ජනනීය බලශක්ති කේෂ්ත්‍රෙය් සහයෝගීතාවව පවර්ධනය කිරීම හා ශක්තිමත් කිරීමට ඉන්දිය රජය එකඟතාව පළ කර තිබේ. 

ඒ අනුව  කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙන්නේ, ඉන්දියාව හා ශ්‍රී ලංකා රජයන් අතර අදාළ බලශක්ති කේස්ත්‍රයේ සහයෝගීතාවය සඳහා වන අවබෝධතා ගිවිසුමකට එළැඹීමටයි.

මෙහිදී ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පුද්ගලික සහ රාජ්‍ය අංශයේ ව්‍යවසායන් මෙම ව්‍යපෘතියට අදාළව කටයුතු කිරීමට නියමිතයි.

අදාළ කැබිනට් පත්‍රකාව මගින් එකගතාවය පළ කර තිබෙන්නේ, සූර්යය බලශක්තිය ,වෙරළ බඩ සුළං භාවිතය හා ජෛව ස්කන්ධ ආශ්‍රිත බලගශක්ති උත්පාදන ව්‍යාපෘති මේ යටතේ ක්‍රියාත්මක කිරීමටයි.