English
தமிழ்
කර්තෘ Staff writer
28 Mar, 2023 | 10:13 am
COLOMBO (News 1st) – සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කුලපති, මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා (81) අභාවප්‍රාප්ත වී තිබේ.
කලක් රෝගාතුරව සිටි සනත් නන්දසිරි මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වුණේ සිය නිවසේදීයි.
1942 වසරේ පෙබරවාරි 15 වැනිදා ගොතටුව නව නගරයේ උපත ලැබූ ඒ මහතා ගොතටුව මහා විද්‍යාලයෙන් , ශාන්ත මැතිව් විද්‍යාලයෙන් සහ මහාබෝධි විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරී ය.
1971 වසරේදී ශායන ශිල්පිනී මල්කාන්ති පීරිස් සමග යුග දිවියට පිවිසි සනත් නන්දසිරි මහතා දරුවන් දෙදෙනෙකුගේ ආදරණීය පියෙකි.
සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ තුන්වැනි කුලපතිවරයායි.
ශ්‍රී ලාංකේය නිර්මාණාත්මක සංගීත ක්ෂේත්‍රයට ඔහු කළ විශිෂ්ට දායකත්වයට උපහාරයක් වශයෙන් ගෞරව මහාචාර්ය පදවියකින් ද ඔහු පිදුම් ලැබී ය.
එදා මෙදා තුර , බොඳ මීදුම්, ඇතුළු ගීත ඇල්බම රැසක් සම්මානිත මහාචාර්ය සනත් නන්දසිරි මහතා මෙරට ගී කලා ලොවට දායාද කළේ ය.
ශ්‍රී ලංකා ගායික ගායිකා සංගමයේ සභාපති ජානක වික්‍රමසිංහ මහතා පැවසුවේ සනත් නන්දසිරි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බවයි.
28 May, 2023 | 08:42 PM
28 May, 2023 | 02:46 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS