English
தமிழ்
කර්තෘ Staff writer
28 Mar, 2023 | 8:56 am
COLOMBO (News1st) – ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට එරෙහිව ආරම්භ කළ සත්‍යග්‍රහය මේ වනවිටත් ක්‍රියාත්මකයි.
මෙම සත්‍යග්‍රහයට විධායක නිලධාරීන්ගේ වෘත්තිය සමිති හැර සියලු වෘත්තිය සමිති එක්ව සිටී.
ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ඛණිජ තෙල් ශාඛාවේ සභාපති ජගත් විජේගුණරත්න මහතා පැවුසුවේ, ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව අද දිනයේදී සාකච්ඡා කර තීරණයකට එළැබෙන බවයි.
ඉන්ධන පිරවුම්හල් පෞද්ගලික සමාගම්වලට ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාදීම ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බව ද ජගත් විජේගුණරත්න මහතා පැවසීය .
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට එරෙහිව ඛණිජ තෙල් සේවකයින් මෙම සත්‍යග්‍රහයේ ආරම්භ කළේ, ඊයේ උදෑසනයි.
මේ අතර, විදෙස් සමාගම් තුනකට මෙරට ඉන්ධන වෙළඳපොළට ඇතුල්වීම සඳහා බලපත්‍ර පිරිනැමීමට කැබිනට් අනුමැතිය ඊයේ හිමි විය.
ඒ, චීනයේ සිනොපෙක්, ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සහ අමෙරිකාවේ ආර්. එම්. පාක්ස්. යන සමාගම්වලටයි.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ පැවති කැබිනට් රැස්වීමෙන් අනතුරුව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේ ය.
මෙම සමාගම් 3 සඳහා දැනට ඛනජ තෙල් නීතිගත සංස්ථාව විසින් පවත්වාගෙන යනු ලබන, අලෙවි නියෝජිතයින් විසින් මෙහෙයවන ඉන්ධන පිරවුම්හල් 150 බැගින් වෙන් කෙරෙන බව එම පණිවිඩයේ සඳහන් ය.
අදාළ සමාගම් මෙරට පැමිණිමෙන් පසු තවත් නව ඉන්ධන පිරවුම්හල් 50 බැගින් ස්ථාපනය කිරීමට ද අනුමැතිය හිමිවනු ඇති බව අමාත්‍යවරයාගේ ට්විටර් පණිවිඩයේ දැක්වේ.
මෙම සමාගම්වලට ලැබෙන බලපත්‍රය ශ්‍රී ලංකාව තුළ ඛණිජ තෙල් නිෂ්පාදන ආනයනය කිරීමට, ගබඩා කිරීමට, බෙදා හැරීමට සහ අලෙවි කිරීමට වසර 20 ක කාලයක් සඳහා බලාත්මක වනු ඇති.
මේ අතර, ලංකා ඉන්දීය තෙල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසුවේ, මාර්තු මාසය තුළ නව පිරවුම්හල් 34 ක මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිත බවයි.
28 May, 2023 | 08:42 PM
28 May, 2023 | 02:46 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS