English
தமிழ்
කර්තෘ Staff writer
28 Mar, 2023 | 7:34 pm
COLOMBO (News 1st) – විදෙස් සමාගම් තුනකට මෙරට ඉන්ධන වෙළඳපොළට ඇතුල්වීම සඳහා බලපත්‍ර පිරිනැමීමට ඊයේ (27) කැබිනට් අනුමැතිය ලබා දුන්නේ, කංචන විජේසේකර ඇමතිවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුවයි.
එම තීරණයට අනුව, චීනයේ සිනොපෙක්, ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සහ අමෙරිකාවේ ආර්.එම්.පාක්ස් නමැති සමාගම් තුනට මෙරට වෙළඳපොළටට පිවිසීමට අවස්ථාව උදා වේ.
මෙම සමාගම්වලට ලැබෙන අවස්ථා මොනවාද?
විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය මේ සඳහා සුදුසු සමාගමක් තෝරා ගැනීමට අභිලාෂය පළ කිරීමේ යෝජනා කැඳවමින් නිකුත් කළ නිවේදනයට අනුව තෝරාගත් සමාගම්වලට ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය කිරීම, බෙදාහැරීම හා අලෙවියට අවසර හිමිවේ.
අදාළ සමාගම්වලට ඛනිජ සංස්ථාවට අයත් සහ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන පිරවුම්හල් භාවිතා කරමින් ව්‍යාපාර කළ හැකියි.
ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම හෙවත් සී.පී.එස්.ටී.එල් සමාගමට අයත් යටිතල පහසුකම් ගාස්තුවක් ගෙවා භාවිතා කිරීමේ අවස්ථාව ද මෙම සමාගම්වලට හිමි වේ.
විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පළ කළ දැන්වීමට අනුව රට තුළ ව්‍යාපාර කටයුතු ආරම්භ කළ පසුව සමාගම්වල අවශ්‍යතා අනුව නව පිරවුම්හල් සහ නව ගබඩා පර්යන්ත ආරම්භ කිරීමටද අවස්ථාව ලබාදීම විශේෂත්වයකි.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය, කංචන විජේසේකර මහතා ඊයේ (27) ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම සමාගම් 3 සඳහා දැනට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පවත්වාගෙන යනු ලබන අලෙවි නියෝජිතයින් විසින් මෙහෙයවන පිරවුම්හල් 450 ක් වෙන් කරන බවයි.
අදාළ සමාගම් මෙරට පැමිණිමෙන් පසු තවත් නව ඉන්ධන පිරවුම්හල් 50 බැගින් 150 ක් අලුතින් ආරම්භ කිරීමට අනුමැතිය ලබාදෙනු ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.
අමාත්‍යවරයාට අනුව මෙම සමාගම් සමග ඇතිකරගන්නා එකඟතාව වසර 20 ක කාලයක් සඳහා බලාත්මක වනු ඇති.
මේ අතර, ලංකා ඉන්දීය තෙල් සමාගම ද ලබන මාර්තු මාසය තුළ නව පිරවුම්හල් 34 ක මෙහෙයුම් ආරම්භ කිරීමට සූදානම් වේ.
වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ,කිසිදු විනිවිද භාවයකින් තොරව සිදුවන මෙම ගනුදෙනු පිළිබඳව බරපතළ සැකයක් මතුවන බවයි.
සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති බලවේගයේ,කැඳවුම්කරු, ආනන්ද පාලිත –
'' තෙල් සංස්ථාවට අයිති පිරවුම්හල් තියෙන්නේ 334 යි. අනිත් ඔක්කොම නියෝජිත පිරවුම්හල් එකතුව 1100 ක් පමණ අයි ඕසී එකට අපි දුන්නේ 110 යි පිරවුම්හල් අද 225 ට ගිහිල්ලා. අර 1100 විකුණලා තමයි ගිය මාසෙට එපිට මාසේ කෝටි 1200 යි ගිය මාසේ 900 යි කෝටි 600, 700 ය 1400 දිගටම ලාබ ලැබුවේ මේ 450 තිබුණ හින්දා.විවෘත ටෙන්ඩර් පත්‍රයක් අද වෙනතුරු දැකලා නැහැ.තෝරා ගැනීමේ මණ්ඩලය මොකක්ද කියන එක හෙලිවෙලා නැහැ..අධිකරණයට විනිවිද භාවයෙන් දැනුම් දෙනවා කියලා අමාත්‍යාංශයේ ලේකම් අධිකරණයට දැනුම්දීලා තියෙද්දි අධිකරණයට තියා ජනතාවට දැනුවත් කරලත් නැහැ..ඒ නැතුව තමයි මේ හොර රහසේ දුන්නේ..අද අපිට තොරතුරු තියනවා මේ ප්‍රබල සමාගම් මේ මොන මගුල් නම කිව්වත් මේ සමාගම්වලත් කොටස් අර ඩොලර් බිලියන 18 වංචා කරලා හොරාකාලා රට බංකොලොත් කරලා . උන් හොරකම් කරපු සල්ලි සුදු කිරීමට මේ සමාගම් වල යොදවලා තියනවා කියන එක..''
04 Jun, 2023 | 04:40 PM
04 Jun, 2023 | 12:21 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS