English
தமிழ்
කර්තෘ Staff writer
28 Mar, 2023 | 6:30 pm
COLOMBO (News 1st) – ඛනිජ තෙල් නිතීගත සංස්ථාවට අයත් කොළොන්නාව නිමාවෙන් ඉන්ධන නිකුත් කිරීම අද (28) දහවල් අත්හිටවනු ලැබිණි.
ඒ , ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට එරෙහිව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව ක්‍රියාත්මක කළ වැඩවර්ජනය හේතුවෙනි.
ඛනිජ තෙල් පොදු සේවක සංගමය අද පස්වරුවේ ප්‍රකාශ කළේ, මෙම වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට එරෙහිව ඛනිජ තෙල් සේවකයින් සත්‍යග්‍රහයක් ආරම්භ කළේ, ඊයේ (27) උදෑසනයි.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් සේවාව සපයන ඉහළ ආදායම් තත්ත්වයක් ඇති ඉන්ධන පිරවුම්හල් 600ක් පමණ විදේශිය සමාගම් 4කට ලබාදීමට සැරෙසන බව වෘත්තීය සමිති පෙන්වා දෙන අතර එය වහා නවතන ලෙස සත්‍යග්‍රහය ආරම්භ කරමින් සේවකයින් ඉල්ලා සිටියේය.
මේ අතර වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් අද (28) බලධාරීන් සමග සාකච්ඡාවක නිරත වූ අතර එය අසාර්ථක වීමෙන් පසු වැඩවර්ජනයක් ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ හේතුවෙන් තෙල් නිකුත් කිරීමේ කටයුතු ද අඩල වී තිබේ.
ඛනිජ තෙල් සේවකයින් වැඩවර්ජනයක් ආරම්භ කිරීමත් සමග දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඉන්ධන පිරවුම්හල් අසළ අද (28 ) පස්වරුවේ දිගු පෝලිම් දක්නට ලැබුණි.
විදෙස් සමාගම් තුනකට මෙරට ඉන්ධන වෙළඳපොළට ඇතුල්වීම සඳහා බලපත්‍ර පිරිනැමීමට ඊයේ (28) කැබිනට් අනුමැතිය ලබා දුන්නේ, කංචන විජේසේකර අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුවයි.
එම තීරණයට අනුව, චීනයේ සිනොපෙක්, ඔස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සහ අමෙරිකාවේ ආර්.එම් පාක්ස් නමැති සමාගම් තුනට මෙරට වෙළඳපොළට පිවිසීමට අවස්ථාව හිමිවනු ඇති.
විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය මේ සඳහා සුදුසු සමාගමක් තෝරා ගැනීමට අභිලාෂය පල කිරීමේ යෝජනා කැඳවමින් නිකුත් කළ නිවේදනයට අනුව තෝරාගත් සමාගම් වලට ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය කිරීම , බෙදා හැරීම හා අලෙවියට අවසර හිමි වේ.
අදාළ සමාගම්වලට ඛනිජ තෙල් සංස්ථාවට අයත් සහ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන පිරවුම්හල් භාවිතා කරමින් ව්‍යාපාර කළ හැකි වේ.
ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම හෙවත් සීපීඑස්ටීඑල් සමාගමට අයත් යටිතල පහසුකම් ගාස්තුවක් ගෙවා භාවිතා කිරීමේ අවස්ථාව ද මෙම සමාගම්වලට හිමිවන අතර විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පළ කළ දැන්වීමට අනුව රට තුළ ව්‍යාපාර කටයුතු ආරම්භ කළ පසුව සමාගම්වල අවශ්‍යතා අනුව නව පිරවුම්හල් සහ නව ගබඩා පර්යන්ත ආරම්භ කිරීමට ද අවස්ථාව ලබාදීම විශේෂත්වයකි.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ (27) ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම සමාගම් 3 සඳහා දැනට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පවත්වාගෙන යනු ලබන අලෙවි නියෝජිතයින් විසින් මෙහෙයවන පිරවුම්හල් 450 ක් වෙන් කරන බවයි.
අදාළ සමාගම් මෙරට පැමිණිමෙන් පසු තවත් නව ඉන්ධන පිරවුම්හල් 50 බැගින් 150 ක් අලුතින් ආරම්භ කිරීමට අනුමැතිය ලබාදෙනු ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.
අමාත්‍යවරයාට අනුව මෙම සමාගම් සමග ඇතිකරගන්නා එකඟතාව වසර 20 ක කාලයක් සඳහා බලාත්මක වනු ඇති.
මේ අතර, ලංකා ඉන්දීය තෙල් සමාගම ද මාර්තු මාසය තුළ නව පිරවුම්හල් 34 ක මෙහෙයුම් ආරම්භ කිරීමට සූදානම් වේ.
01 Jun, 2023 | 04:48 PM
01 Jun, 2023 | 03:32 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS