English
தமிழ்
කර්තෘ Staff writer
28 Mar, 2023 | 10:07 pm
COLOMBO (News 1st) – ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කොළොන්නාව නිමාවෙන් අද (28) රාත්‍රී හමුදා ආරක්ෂාව සහිතව ඉන්ධන බවුසර් මුදා හැරීමට පියවර ගෙන තිබුණි.
අප වාර්තාකරු පැවසුවේ, නිමාවෙන් පිටත් වන සෑම ඉන්ධන බවුසරයක් සඳහාම මෙලෙස යුද හමුදාවේ ආරක්ෂාව ලබා දී තිබූ බවයි.
ඛනිජ තෙල් තොග ගබඩා සංකීර්ණවලින් තෙල් නිකුත් කිරීම නවතා දමමින් තෙල් සංස්ථා වෘත්තීය සමිති, වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේ අද (28) පස්වරුවේදීය.
සංස්ථාව පෞද්ගලීකරණයට විරෝධය දක්වමින් ඔවුන් අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගය මේ වනවිට වැඩ වර්ජනයක් දක්වා ව්‍යාප්ත කර තිබේ.
විදුලි බල හා බලශක්ති අමාත්‍ය, කංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ වෘත්තීය සමිති වලට එරෙහිව විනය හා නීතිමය පියවර ගන්නා ලෙස අදාළ ආයතන ප්‍රධානීන්ට දැනුම් දුන් බවය.
මේ අතර කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක අද (28) පස්වරුවේ ඇතැම් ඉන්ධන පිරිවුම්හල්වල කෙටි පෝලිම් ද දක්නට ලැබුණි.
මේ අතර අද (28) පස්වරුවේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ, ඉන්ධන ප්‍රමාදයකින් තොරව බෙදාහැරීමට සංස්ථාව කටයුතු කරන බවයි.
මීට පෙර බෙදාහැරීමේ කටයුතුවල යම් ප්‍රමාදයක් ඇතිව තිබුණත් මේ වනවිට ඒ ක්‍රියාවලිය යථා තත්ත්වයට පත්ව ඇති බව ද අමාත්‍යවරයා පවසයි.
එම කටයුතු සඳහා පොලීසිය සහ ආරක්ෂක අංශවල ආරක්ෂාව ලබාගෙන ඇති බව ද අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන් ය.
01 Jun, 2023 | 04:48 PM
01 Jun, 2023 | 03:32 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS