English
தமிழ்
කර්තෘ Staff writer
28 Mar, 2023 | 11:59 am
COLOMBO (News 1st) – ශ්‍රී ලංකාව හරිත ආර්ථිකයකට ඇතුළු වන කලාපයේ පළමු රට බවට පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
ජනාධිපතිවරයා පවසන්නේ, ඊට අදාළ හරිත ආර්ථික ප්‍රතිපත්තියක් ඉදිරි මාස දෙක තුළ හඳුන්වාදෙන බවයි.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, ශ්‍රී ලංකා හරිත බලශක්ති සමුළුව සඳහා සහභාගීවීමට මෙරටට පැමිණි ආයෝජකයන් සමග ඊයේ (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුව අමතමි් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළ බවයි.
''හරිත ආර්ථිකයක් සඳහා යොමුවීමට ශ්‍රී ලංකාවට සෑම සුදුසුකමක් ම තිබෙනවා. මොකද ශ්‍රී ලංකාව තුළ සූර්ය බලශක්තිය, සුළං බලශක්තිය, බයෝ ගෑස්, මෙන්ම මුහුදු රළ උපයෝගී කරගනිමින් බලශක්තිය නිපදවීමට හැකියාව තිබෙනවා.එම නිසා ආර්ථිකය ගොඩනැංවීමේ ප්‍රධාන විභවය ලෙස හරිත ආර්ථිකය හඳුන්වා දිය හැකියි''
හරිත ආර්ථිකය හඳුන්වාදීමේ සමුළුවට පැමිණි දේශීය මෙන්ම විදේශීය ආයෝජකයන්ට පහසුකම් සලසා දීමේ වගකීම තමන් භාර ගන්නා බව ත් දිගුකාලීන වැඩපිළිවෙළක් වන මේ සඳහා කඩිනමින් නීති සම්පාදනය කිරීමට බලාපොරොත්තු වන බව ත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.
වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, පුනර්ජනනීය බලශක්තියෙන් පමණක් නොව, දකුණු ඉන්දියාවේ සහයෝගීතාව හරහා, ඉන්දියාවේ සිට කෙලින්ම ත්‍රිකුණාමලයට තෙල් නළය ගෙන ඒම පිළිබඳව දැනටමත් සාකච්ඡා කර ඇති බවයි.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි, විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, පරිසර අමාත්‍ය නසීර් අහමඩ්, රාජ්‍ය අමාත්‍යවරුන් වන දිලුම් අමුණුගම , දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන, ජනාධිපති ජාත්‍යන්තර දේශගුණික උපදේශක එරික් සෝල්හයිම් , පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි බවයි.
28 May, 2023 | 08:42 PM
28 May, 2023 | 02:46 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS