T20 ක්‍රිකට් තරගයක ඉහළම ලකුණු සංඛ්‍යාවක් හඹා ගොස් ජය ගැනීමේ වාර්තාව දකුණු අප්‍රිකාවට..

T20 ක්‍රිකට් තරගයක ඉහළම ලකුණු සංඛ්‍යාවක් හඹා ගොස් ජය ගැනීමේ වාර්තාව දකුණු අප්‍රිකාවට..

T20 ක්‍රිකට් තරගයක ඉහළම ලකුණු සංඛ්‍යාවක් හඹා ගොස් ජය ගැනීමේ වාර්තාව දකුණු අප්‍රිකාවට..

කර්තෘ Staff writer

27 Mar, 2023 | 9:20 am

COLOMBO (News 1st) –  පන්දුවාර 20 යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක ඉහළම ලකුණු සංඛ්‍යාවක් හඹා ගොස් ජය ගත් කණ්ඩායම ලෙස දකුණු අප්‍රිකාව ලෝක වාර්තාවක් පිහිටුවීය. 

ඒ, ඊයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති දෙවැනි පන්දුවාර 20 යි 20  ක්‍රිකට් තරගයේදී ලකුණු 259ක ඉලක්කය හඹායමිනි. 

දකුණු අප්‍රිකාවේ සෙන්චුරියන්හීදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 258ක් රැස් කළේ ය. 

හතරේ පහර 10කින් සහ හයේ පහර 11කින්  සිය ඉනිම වර්ණවත් කරමින්  ජොන්සන් චාල්ස් සිය පන්දුවාර 20 යි 20  ක්‍රිකට් පිටියේ මංගල ශතකය රැස් කළේ පන්දු 46කිනි. 

රොමාරියෝ ෂේෆඩ් නොදැවී ලකුණු 41කි.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි දකුණු අප්‍රිකා කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගිය ආරම්භක පිතිකරු ක්වින්ටන් ඩි කොක් සිය පළමු  20 යි 20 හතරේ පහර 10කින් සහ හයේ පහර 11කින් වර්ණවත් විය.   

පන්දු 44කදී රැස් කළ එම ශතකයට හතරේ පහර 9ක් සහ හයේ පහර 8ක් ඇතුළත් ය.

රීසා හෙන්රික්ස් ලකුණු 68කි.

දකුණු අප්‍රිකාව තරගය ජය ගත්තේ, පන්දුවාර 18යි පන්දු 5ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී තිබියදී ය.

මීට පෙර පන්දුවාර  20 යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක ඉහළම ලකුණු සංඛ්‍යාවක් හඹා ගොස් ජය ගත් වාර්තාව බල්ගේරියාව හිමිකර ගත්තේ ය. 

ඒ, සර්බියා කණ්ඩායම සමග පැවැති තරගයකදී ලකුණු 246ක ඉලක්කයක් හඹා යමින් ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]