IOC සමාගමේ සභාපති ජනපති හමුවෙයි

IOC සමාගමේ සභාපති ශ්‍රීකාන්ත් මාධව් ජනපති හමුවෙයි

by Staff writer 27-03-2023 | 3:28 PM

COLOMBO (News1st) -  ඉන්දීය තෙල් සමාගමේ සභාපති ශ්‍රීකාන්ත් මාධව් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුව තිබේ.

මෙම හමුවට ඉන්දීය  ඛනිජ තෙල් සහ ස්වාභාවික ගෑස් අමාත්‍යාංශයේ ලේකම්, පන්කජ් ජේන් මහතා ඇතුළු පිරිසක් ද එක්ව තිබේ.

ට්විටර් සටහනක් තබමින් ලංකා IOC සමාගම පැවසුවේ මෙහිදී , සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ගෘහස්ත ආහාර පිසීමේ ඒකක 500ක් ද ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ බවයි.

ප්ලාස්ටික් බෝතල ප්‍රතිචක්‍රීයකරණය හරහා සකසා ගත් ජැකට්ටුවක් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිරිනමා තිබේ.

මෙම හමුවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

මේ අතර කොළඹ නගරය ආශ්‍රිතව ඉදිකළ නව IOC ඉන්ධන පිරවුම්හල් තුනක් ද පසුගියදා ඉන්දීය තෙල් සමාගමගේ සභාපති, ශ්‍රීකාන්ත් මාධව් මහතා ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ.

ලංකා ඉන්දීය තෙල් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ,මනෝජ් ගුප්තා මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසුවේ, මාර්තු මාසය තුළ නව පිරවුම්හල් 34ක් මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිත බවයි.

ශ්‍රීකාන්ත් මාධව් මහතා කොළඹදී ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක අර්ජුන රණතුංග ද හමුවිය.