.webp)
COLOMBO (News 1st) – පාර්ලිමේන්තුව ලබන සතියේ එක් දිනක් පමණක් රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි.
ඔහු ප්‍රකාශ කළේ, ඒ අනුව අප්‍රේල් 4 වැනි අඟහරුවාදා උදෑසන 9.30 සිට පස්වරු 5.00 දක්වා පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙනු ඇති බවයි.
පසුගියදා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී මේ බව තීරණය වී තිබේ.
අප්‍රේල් 18 වැනිදා සිට 22 දක්වා යෙදෙන අප්‍රේල් මාසයේ දෙවැනි පාර්ලිමේන්තු සතිය වෙනුවට අප්‍රේල් 25 වැනි අඟහරුවාදා සිට අප්‍රේල් 28 වැනි සිකුරාදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.