''මැතිවරණ එපැයි කියන්නේ කවුද? දෙසැම්බර් වෙද්දි මැතිවරණයක් එයි'' - මහින්ද රාජපක්ෂ

by Sagarika Chathumali 27-03-2023 | 1:58 PM

COLOMBO (News 1st) – දෙසැම්බර් මාසයට පෙර මැතිවරණයක් පැවැත්වෙනු ඇතැයි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  මහතා පවසයි. 

මහින්ද රාජපක්ෂ  මහතා ඒ බව පැවසුවේ, අභයාරාම විහාරස්ථානයේ  පැවති වැඩසටහනකට සහභාගී වී ඉන් පිටව යන අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. 

හිටපු ජනාධිපතිවරයා පැවසුවේ, පොහොට්ටුවේ වෙන්වුණු පිරිස් නිසි වේලාවට එකතු වනු ඇති බවයි. 

''බොහොම සාර්ථකව ඉදිරි දේශපාලන කටයුතු කරගෙන යනවා.. මොන මැතිවරණයක් තිබුණත් අපි ඒකට ලෑස්තියි. දෙසැම්බර් මාසේ වෙනකොට තියයි. මැතිවරණ එපැයි කියන්නේ කවුද? ''


මේහිදී රටේ ආර්ථීක තත්ත්වය සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් නැගූ පැනයට හිටපු ජනාධිපතිවරයාගෙන් මෙලෙස පිළිතුරු දුන්නේ ය. 

''ඒක අපි ඉතින් බලාගෙන ඉමු ''