.webp)
COLOMBO (News 1st) – කොළඹ, කොටහේන ප්‍රදේශයේ මළ අපවහන පද්ධතියක නඩත්තු කටයුත්තක නිතර වූ නගර සභා සේවකයින් දෙදෙනකු සිහිසුන්ව රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වී තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ, නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, එම සේවකයින් දෙදෙනා සිහිසුන්ව රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි.
අද (27) පස්වරුවේ කොටහේන ජෝර්ජ් ආර් ද සිල්වා මාවතේ පිහිටි මළ අපවහන පද්ධතියක නඩත්තු කටයුත්තක් සඳහා කොළඹ නගර සභා සේවයින් පිරිසක් ගොස් තිබුණි.
මෙම නඩත්තු කටයුත්ත සඳහා අදාළ අපවහන පද්ධතිය තුළට ඇතුළු වූ සේවකයින් දෙදෙනෙකු සිහිසුන්ව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති අතර එහිදී ඔවුන් දෙදෙනා මෙසේ මියගොස් තිබේ.
විෂ වායුවක් ආග්‍රහණය වීම හේතුවෙන් මෙම තත්ත්වය සිදු වන්නට ඇතැයි සැක කරන බව පොලීසිය ප්‍රකාශ කළේ ය.