පූල් වරාය තෙල් ගබඩාවේ තෙල් කාන්දුවක්

බ්‍රිතාන්‍යයේ පූල් වරාය තෙල් ගබඩාවෙන් මුහුදට තෙල් කාන්දුවෙයි

by Staff writer 27-03-2023 | 4:46 PM

COLOMBO (News 1st) – බ්‍රිතාන්‍යයේ පූල් වරායේ තෙල් ගබඩාවෙන් මුහුදට සිදු වූ තෙල් කාන්දුවේ පිරිසිදු කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.

වරාය බලධාරීන් ජනාතාවගෙන් ඉල්ලා සිටින්නේ, නැවත දැනුම් දෙන තුරු වරාය ආසන්නයේ දිය නෑමෙන් වළකින ලෙසයි .

අද (27) උදෑසන මෙම ගබඩාවේ තෙල් බැරල් 200 ක් පමණ මුහුදට කාන්දු වී තිබුණි.