පකිස්ථානයට එරෙහිව T20 තරගාවලියේ ජය ඇෆ්ගනිස්ථානයට

ඇෆ්ගනිස්ථානය පළමු වරට පකිස්ථානයට එරෙහිව T20 තරගාවලියක් ජයගනී..

by Staff writer 27-03-2023 | 2:00 PM

COLOMBO (News 1st) –  ඇෆ්ගනිස්ථානය ඉතිහාසයේ පළමු වරට පකිස්ථානයට එරෙහිව පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියක් ජය ගත්තේ ය.

ඒ, පකිස්ථානයට එරෙහි දෙවැනි පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය කඩුලු 7 කින් ජය ගනිමින් ය.

සාජා අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගෙන පළමුව පන්දුවට පහර දුන් පකිස්ථාන කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 130 කි. 

ඉමාඩ් වසීම් නොදැවී ලකුණු 64 කි. 

ෆසාල්හක් ෆාරුකි කඩුලු 2 ක් බිඳ හෙලුවේ ය.

ඒ අනුව ලකුණු 131ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ පළමු කඩුල්ල බිඳ වැටුණේ ලකුණු 30කදී ය.

ඊබ්‍රාහිම් සද්‍රාන් සහ රහමනුල්ලා ගුර්බාස් අතර දෙවැනි කඩුල්ලේ සබඳතාවය ලකුණු 56 කි.

රහ්මානුල්ලා ගුර්බාස් ලකුණු 44 කි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථානය පන්දුවාර 19 යි පන්දු 5 ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී නියමිත ඉලක්කය පසු කළේ ය. 

ඒ අනුව තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරග 2ට 0 ක් ලෙස ඇෆ්ගනිස්ථානය තරගාවලිය ජය ගත්තේ ය.