.webp)
COLOMBO (News1st) - අපරාධ රැසකට සම්බන්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ආමි සනත් නමැත්තා අහංගමදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකාය කළ මෙහෙයුමක දී මෙලෙස ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ හෙරොයින් ග්‍රෑම් 15 ක් සමගිනි.
පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ, සැකකරු සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන හරක් කටාගේ මෙරට අපරාධ සහ කුඩු ජාලය මෙහෙයවමින් සිට ඇති බවයි.
ඒ අනුව සැකකරු හරක් කටා නමැත්තාගේ මෙහෙයවීම යටතේ මෙරට පසුගිය කාලයේදී සිදුවු වෙඩි තැබීම්වලදී භාවිත කරන ලද ගිනි අවි ප්‍රවාහනය කිරීම හා වෙඩි තැබීමෙන් පසුව එම අවි පිරිසිදු කර හරක් කටාගේ උපදෙස් මත විවිධ පුද්ගලයින් වෙත භාරදීම සිදුකර ඇති බවට ද අනාවරණය වී තිබේ.