ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය සංවිධාන කරන ආධුනික පිහිනුම් තරගාවලිය අදින් අවසන්

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය සංවිධාන කරන ආධුනික පිහිනුම් තරගාවලිය අදින් අවසන්

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය සංවිධාන කරන ආධුනික පිහිනුම් තරගාවලිය අදින් අවසන්

කර්තෘ Staff writer

27 Mar, 2023 | 3:04 pm

COLOMBO (News1st) –  ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය සංවිධාන කරන ආධුනික පිහිනුම් තරගාවලිය අද (27) අවසන් වීමට නියමිතයි.

මෙම තරගාවලිය කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදි පැවැත්වෙන අතර පැවැති තරග ඉසව්වල ප්‍රතිඵල අනුව කොළඹ බිෂොප් විද්‍යාලය බාලිකා අංශයේ පෙරමුණේ රැඳී සිටියි.

ඒ ලකුණු 65 ක් ලබා ගනිමිනි.

ආසියානු ජාත්‍යන්තර පාසල එහි දෙවැනි ස්ථානයේ රැඳී සිටින අතර තෙවැනි ස්ථානයේ පසුවන්නේ කොළඹ ඕවර්සීස් ජාත්‍යන්තර පාසලයි.

අද (27)  එහි බාලක අංශයේ වයස අවුරුදු 11න් පහළ,13න් පහළ සහ 15න් පහළ වයස් කාණ්ඩවල අවසන් තරග පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]