English
தமிழ்
කර්තෘ Staff writer
27 Mar, 2023 | 3:52 pm
COLOMBO (News 1st) – සති 12ක සිට ඊශ්‍රායලයේ පැවති විරෝධතා සහ වැඩ වර්ජන අද (27) දරුණු මුහුණුවරක් ගෙන තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඊශ්‍රායලයේ ප්‍රධාන වෘත්තීය සමිති මහා වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව, එරට වරාය සහ ගුවන්තොටුපොළ සේවකයින්,හෙදියන් ඇතුළු තවත් වෘත්තිකයින් රැසක් ඊට සහය පළ කරමින් සේවයෙන් ඉවත් වී ඇති බවයි.
එරට අග්‍රමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඉදිරිපත් කර ඇති අධිකරණ ප්‍රතිසංස්කරණවලට එරෙහි මෙම විරෝධතා මීට මාස තුනකට පමණ පෙර ආරම්භ විය.
පෙරේදා එරට ආරක්ෂක අමාත්‍ය, යොඇව් ගලාන්ට් මහතා ප්‍රසිද්ධියේ මෙම ප්‍රතිසංසකරණවලට සිය විරුද්ධත්වය පළ කළේ ය.
නමුත් බෙන්ජමින් නෙතන්යාහු අග්‍රමාත්‍යවරයා ඊයේ (26)එම ප්‍රකාශය සිදුකළ ආරක්ෂක අමාත්‍යවරයාව සිය ධුරයෙන් නෙරපා දැමීමත් සමග ඊශ්‍රායලයේ පැවති විරෝධතා දරුණු මුහුණුවරක් ගෙන තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඊශ්‍රායල වැසියන් දහස් ගණනක් එරට ටෙල් අවීව් නගරයට රැස් වී ඇති බවයි.
අමෙරිකාවේ පිහිටි ඊශ්‍රායල තානාපති කාර්යාලය ද විරෝධතා සහ වැඩ වර්ජන වලට සහය පළ කරමින් සේවයෙන් ඉවත්වී තිබේ.
28 May, 2023 | 02:55 PM
25 May, 2023 | 06:38 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS