රුසියානු උපායමාර්ගික න්‍යෂ්ටික අවි බෙලරූස් රාජ්‍යට

රුසියානු උපායමාර්ගික න්‍යෂ්ටික අවි බෙලරූස් රාජ්‍යයේ ස්ථානගත කිරීමට දෙරටේ නායකයින්ගේ එකඟතාව

by Staff writer 26-03-2023 | 2:21 PM

COLOMBO (News 1st) - රුසියානු උපායමාර්ගික න්‍යෂ්ටික අවි, අසල්වැසි බෙලරූස් රාජ්‍යයේ ස්ථානගත කිරීමට දෙරටේ නායකයින් එකඟ වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සහ බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලූකශේන්කෝ ඒ පිළිබඳව කළ දීර්ඝ සාකච්ඡාවලින් අනතුරුව එම තීරණයට එළැඹි බවය.  

මෙම එකඟතාවයෙන් න්‍යෂ්ටික අවි පිළිබඳ ජාත්‍යන්තර රෙගුලාසි කිසිවක් කඩ නොකරන බව රුසියානු ජනාධිපතිවරයා අවධාරණයකර ඇත.

ඔහු පෙන්වා දෙන්නේ අමෙරිකාව ද බෙල්ජියම, නෙදර්ලන්තය, තුර්කිය ඇතුළු රටවල් කිහිපයක න්‍යෂ්ටික අවි ස්ථානගත කර ඇති බවය. 

විශාල භුමි ප්‍රමාණයක් එකවර විනාශ කිරීමට අදාළ උපායමාර්ගික න්‍යෂ්ටික අවිවලට හැකියාවක් නොමැති බව, විදෙස් වාර්තාවල සඳහන් වේ.