.webp)
COLOMBO (News 1st) – මාතර, ශාන්ත තෝමස් සහ ශාන්ත සර්වේෂස් විද්‍යාලාන්තර 123 වැනි 'රුහුණු මහා නිල් සටන' අද(26) ජය පරාජයෙන් තොරව අවසන් විය.
මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ පළමු ඉනිමට ශාන්ත තෝමස් ක්‍රීඩකයින් සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 241කි.
පිළිතුරු ලෙස ශාන්ත සර්වේෂස් ක්‍රීඩකයින් සිය පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 346ක් රැස් කරගෙන සිටියදී ඉනිම අත්හිට වූ අතර විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ විශ්ව සුපුන් ශතකයක් රැස් කළේ ය.
දෙවැනි ඉනිමේදී ශාන්ත තෝමස් ක්‍රීඩකයින් ලකුණු 171කට සියලු දෙනා දැවී ගියේය.
ඒ අනුව ශාන්ත සර්වේෂස් ක්‍රීඩකයින්ට හිමිවූ ඉලක්කය ලකුණු 67කි.
කෙසේ වෙතත් තරගය අවසන් වනවිට ඔවුන්ගේ ලකුණු පුවරුව සටහන් වුණේ, කඩුලු 3ක් බිඳවැටී ලකුණු 44ක් ලෙසය.
මේ අතර බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලය සමග පැවැති 34වැනි 'වීරයන්ගේ සටන' මහා ක්‍රිකට් තරගය රේවත ක්‍රීඩකයින් කඩුලු 10කින් අද(26) ජය ගත්තේ ය.
සිද්ධාර්ථ විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ කාසියේ වාසිය හිමි කරගෙන පළමුව පන්දුවට පහර දුන් සිද්ධාර්ථ කණ්ඩායම පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 133කි.
පිළිතුරු ලෙස රේවත ක්‍රීඩකයින් සියලු දෙනා දැවී ලකුණු 230ක් රැස් කළ අතර දෙවැනි ඉනිමේදී සිද්ධාර්ථ ක්‍රීඩකයින් සියලු දෙනා ලකුණු 98කට දැවී ගියහ.
රේවත ක්‍රීඩකයින්ට හිමිවූ එක් ලකුණක ඉලක්කයක් ඔවුන් හතරේ පහරකින්ම සම්පූර්ණ කරමින් තරගය ජය ගත්තේ ය.