ස්.කොමිෂන් සභා සඳහා සාමාජිකයින් තෝරා ගැනීම ඇරඹේ

කොමිෂන් සභා 10 ක් සඳහා සාමාජිකයින් තෝරා පත්කර ගැනීම ඇරඹේ- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව

by Staff writer 26-03-2023 | 7:42 AM

COLOMBO (News 1st) - ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයින් තෝරා ගැනීම, මේ වන විට ආරම්භ කර ඇතැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහන් කළේ ය.

එහි ප්‍රකාශකයකු සඳහන් කළේ, ඉදිරිපත් වී ඇති අයදුම්පත් අතරින් සුදුසුකම් සහිත පුද්ගලයින් අදාළ කොමිෂන් සභා සඳහා තෝරා ගැනීමේ කටයුතු සිදුවන බවයි.

ජාතික විගණන කොමිසමේ සාමාජිකත්වය සඳහා ඉදිරිපත් වී ඇති අයදුම්පත් අතරින් සුදුසු පුද්ගලයින් තෝරා ගැනීම, පසුගිය සිකුරාදා සිදු කළ බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහන් කළේ ය.

ස්වාධීන කොමිෂන් සභා, සාමාජිකත්වය සඳහා ලැබී තිබූ අයදුම්පත් සංඛ්‍යාව 1,600 කට අධිකයි.

මැතිවරණ කොමිසම, සීමානිර්ණ කොමිසම, පොලිස් කොමිසම, ජාතික විගණන කොමිසම, අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම, මහජන උපයෝගිතා කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, ප්‍රසම්පාදන කොමිසම ඇතුළු  කොමිෂන් සභා 10 ක් සඳහා සාමාජිකයින් පත් කිරීම, මේ යටතේ සිදුවේ.