ඉන්දු ශ්‍රී ලංකා මගී ප්‍රවාහන සේවාව

ඉන්දු ශ්‍රී ලංකා මගී ප්‍රවාහන යාත්‍රා සේවය ගැන ඇමති නිමල් සිරිපාලගෙන් දැනුම් දීමක්

by Staff writer 26-03-2023 | 7:34 PM

COLOMBO (News 1st) – ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආරම්භ වන මගී ප්‍රවාහන යාත්‍රා සේවාවට අදාළව කන්කසන්තුරේ වරායේ නව මගී පර්යන්තයක් ඉදි කිරීමට රුපියල් මිලියන 144ක මුදල් ප්‍රතිපාදන ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් ලබා දී තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්  ඉදිකෙරෙන මෙය අප්‍රේල් මස දෙවන සතියේ  ශ්‍රී ලංකා වරාය  අධිකාරියට භාර දීමට නියමිතයි.

මෙම මගී යාත්‍රා සේවයේ පළමු මගී යාත්‍රාව අප්‍රේල් 29 වැනිදා පැමිණීමට නියමිත බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය, නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

අමාත්‍යාංශය පැවසුවේ ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ඕනෑම ව්‍යාපාරිකයෙකුට මෙම මගී යාත්‍රා සේවය විවෘත බවයි.