IMF ගැන පාර්ලිමේන්තුවේ මතය විමසනවා..

IMF එකඟතාවන් ගැන පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත විමසනවා.. - රංජිත් සියඹලාපිටිය

by Staff writer 25-03-2023 | 7:17 AM

COLOMBO (News 1st) – ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ( IMF) එකඟතාවන් පිළිබඳව ඉදිරියේදී පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත විමසීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, එහිදී සියලු දෙනාට සිය මතය ඉදිරිපත් කිරීමට හැකියාව ඇති බවයි.

විශේෂයෙන්ම තම නමින්ම ඡන්ද විමසීම සිදු කළ හැකි බව රංජිත් සියඹලාපිටිය මහතා පවසා සිටියේ ය. 

මේ අතර, මුදල් වියදම් කිරීමට බලාපොරොත්තු වන්නේ, ණය ස්ථායිකරණයට සඳහා බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.