රාජ්‍ය සේවක අප්‍රේල් වැටුප ගැන දැනුම්දීමක්

රාජ්‍ය සේවකයින්ගේ අප්‍රේල් වැටුප ලබන 10වැනිදාට පෙර - මුදල් අමාත්‍යංශය

by Staff writer 25-03-2023 | 9:37 PM

COLOMBO (News 1st) – රාජ්‍ය සේවකයින්ගේ අප්‍රේල් මස වැටුප, විශ්‍රාම වැටුප හා සමෘද්ධි දීමනා ලබන මස 10 වැනිදාට පෙර ගෙවීමට සැලසුම් කර ඇතැයි, මුදල් අමාත්‍යංශය පවසයි.

මුදල් රාජ්‍ය අමාත්‍ය, රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ අලුත් අවුරුදු උත්සව කාල සීමාව තුළ, රාජ්‍ය සේවකයින්ට අදාළ වැටුප් හා දීමනා ලබා දීම සම්බන්ධයෙන් ප්‍රමඛත්වය දී කටයුතු කරන්නැයි ජනාධිපතිවරයා මහා භාණ්ඩාගාරයට උපදෙස් ලබා දී ඇති බවයි.