ජනපති නියමයෙන් පොලිස්පතිට සේවා දිගුවක්

ජනපති නියමයෙන් පොලිස්පතිට මාස 3ක සේවා දිගුවක්

by Staff writer 25-03-2023 | 7:08 PM

COLOMBO (News 1st) – පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාට මාස 3 ක සේවා දිගුවක් ලබා දී තිබේ.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

සී.ඩී. වික්‍රමරත්න මහතා පොලිස්පති ධුරයෙන් පසුගිය 23 වැනිදා විශ්‍රාම යෑමට නියමිතව තිබුණි.

මෙරට 35 වන පොලිස්පතිවරයා ලෙස සී.ඩී.වික්‍රමරත්න මහතා 2020 වසරේ නොවැම්බර් 27 වැනිදා පොලිස්පති ධුරයේ රාජකාරී ආරම්භ කළේ ය.