ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

by Staff writer 25-03-2023 | 7:08 AM


දේශීය පුවත් 

1.ඉන්දීය ධීවරයින් සිව්දෙනෙකු නිදහස් කෙරේ – සී ඔෆ් ශ්‍රී ලංකා කලාපයේ සාගර සම්පත් ඉන්දීය ධීවරයින් කොල්ලකෑම ගැන මෙරට ධීවරයින් චෝදනා කරන්නේ කලක සිටයි.

2.ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පසුගිය දා (23)ට සාපේක්ෂව තරමක් පහළට – ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පසුගිය දා (23) දිනයට සාපේක්ෂව තරමක් පහළ ගොස් තිබේ. 

3.ලංකා සතොස අතවශ්‍ය භාණ්ඩ වර්ග 10ක මිල පහත දමයි– ලංකා සතොස ඊයේ (24)  සිට  අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 10 ක මිල  ගණන් පහත හෙළා තිබේ. 

4.ඉන්දියාවෙන් ගෙනා බිත්තරවල සාම්පල විද්‍යාගාර පරීක්ෂණවලට යොමු කෙරේ – විද්‍යාගාර පරීක්ෂණ සඳහා ආනයනික බිත්තරවල සාම්පල ලබා ගත් බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

5.ඇමති කංචන හා ඉන්දීය නියෝජිතයින් අතර හමුවක්– විදුලි බල සහ බලශක්ති අමාත්‍ය, කංචන විජේසේකර මහතා සහ ඉන්දීය නියෝජිතයින් පිරිසක් අතර හමුවක් සිදුව තිබේ.


විදෙස් පුවත්

1.රාහුල් ගාන්ධිට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමි වෙයි – ඉන්දියාවේ කොන්ග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි මහතාට සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වී තිබේ. 

ක්‍රීඩා පුවත් 

1. රාජකීය – ශාන්ත තෝමස් නිල් මහ සටනේ එක්දින තරගයෙන් රාජකීය විද්‍යාල කණ්ඩායමට කඩුලු 7ක ජයක්.– ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට එරෙහි වාර්ෂික සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය කොළඹ රාජකීය කණ්ඩායම කඩුලු 7කින් ඊයේ (23) ජය ගත්තේය