කොළඹ, දෙහිවල ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද පැය 10ක ජල කප්පාදුවක්..

කොළඹ, දෙහිවල ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද පැය 10ක ජල කප්පාදුවක්..

කොළඹ, දෙහිවල ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද පැය 10ක ජල කප්පාදුවක්..

කර්තෘ Staff writer

25 Mar, 2023 | 7:57 am

COLOMBO (News 1st) – කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට අද(25) පෙරවරු 11.00 සිට රාත්‍රී 9.00 දක්වා පැය 10ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. 

ඒ, විදුලි බල මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තුවක් නිසා, අඹතලේ පොම්පාගාරය වෙත විදුලිය සැපයීම අත්හිටුවීම හේතුවෙන් ය.

ඒ අනුව කොළඹ, දෙහිවල ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව සහ කොලොන්නාව නගර සභා බල ප්‍රදේශවලට අදාළ කාලසීමාව තුළ ජල සැපයුම අත්හිටුවනු ඇති.

මීට අමතරව කොටිකාවත්ත , මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ මෙන්ම, රත්මලාන සහ කටුබැද්ද ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය නිවේදනය කළේ ය. 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]