ලෝක බැංකුවේ මෙරට අධ්‍යක්ෂවරියගේ විශේෂ හමුව

ලෝක බැංකුවේ මෙරට අධ්‍යක්ෂවරිය හා මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අතර හමුවක්

by Staff writer 24-03-2023 | 6:19 PM

COLOMBO (News 1st) – ලෝක බැංකුවේ මෙරට අධ්‍යක්ෂවරිය මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා හමුවී තිබේ.

මුදල් හා ආර්ථික ස්ථායීකරණ සහ ජාතින ප්‍රතිපත්ති අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ,ලෝක බැංකුවේ මෙරට අධ්‍යක්ෂ Chiyo Kanda මහත්මිය හා මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අතර හමුව පසුගියදා මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්  වූ බවයි.

මෙම හමුවේ විශේෂත්වය වන්නේ,ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල (IMF)මගින් මෙරටට ප්‍රදානය කළ විස්තීරණ ණය පහසුකමේ පළමු වාරිකය  ශ්‍රී ලංකාව වෙත ලැබීමෙන් පසුව පළමු වරට මෙම සාකච්ඡාව සිදු වීමයි

මෙම හමුවේ දී අදාළ විස්තීරණ ණය පහසුකම යටතේ ඉදිරි ආර්ථික කටයුතු පිළිබඳව මෙන්ම ලෝක බැංකු සහය ශ්‍රී ලංකාව වෙත ලැබීම පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන් වී තිබේ.