අතවශ්‍ය භාණ්ඩ වර්ග 10ක මිල පහතට

ලංකා සතොස අතවශ්‍ය භාණ්ඩ වර්ග 10ක මිල පහත දමයි

by Staff writer 24-03-2023 | 4:18 PM

COLOMBO (News 1st) – ලංකා සතොස අද (24)  සිට  අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 10 ක මිල  ගණන් පහත හෙළා තිබේ.

මේ යටතේ වියලි මිරිස්, සුදු ළුෑණු ,හාල්මැස්සන්, කඩල, සම්බා සහල් මිල පහත වැටෙනු ඇති

 ලංකා  සතොස නිවේදනය නිකුත් කරමින් දක්වා ඇත්තේ, මෙම මිල පහත හෙලීම හේතුවෙන් ටින් මාලු, ලොකු ළූණු, අර්තාපල්, සුදු සීනී, හා වටානා පරිප්පු මිල ගණනන් ද පහළ යන බවයි.