රාහුල් ගාන්ධිට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමි වේ

රාහුල් ගාන්ධිට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමි වෙයි

by Staff writer 24-03-2023 | 8:16 PM

 COLOMBO (News 1st) – ඉන්දියාවේ කොන්ග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි මහතාට සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වී තිබේ. 

එරට ලෝක් සභාව අද (24) නිල නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ. 

එම නිවේදනයේ දැක්වෙන්නේ, සිර දඬුවම නියම වූ දිනයේ සිට ඔහු ලොක් සභාවේ මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුස්සෙකු වන බවයි. 

2019 වසරේදී අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකිරීම පිළිබඳව වරදකරු වීම හේතුවෙන් ඊයේ එරට අධිකරණය විසින් ඔහුට වසර දෙකක සිර දඩුවම් නියම කළේ ය. 

නඩු තීන්දුවෙන් අනතුරුව ඔහුට ඇප ලැබුණු අතර මාසයක කාලයක් සඳහා ඔහුගේ සිර දඩුවම අත් හිටුවා ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වේ. 

මෙම මාසය තුළදී රාහුල ගාන්ධී මහතාට නඩු තීන්දුවට එරෙහිව අභියාචනාවක් ඉදිරිපත් කළ හැකි ය. 

 ඔහුට සිර දඩුවම් නියම කිරීමට එරෙහිව ඉන්දියාව පුරා විරෝධතා ආරම්භ වී තිබෙන අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එරට කොන්ග්‍රස් පක්ෂයේ ආධාරකරුවන් විසින් මෙම විරෝධතා සංවිධානය කර ඇති බවයි.