.webp)
COLOMBO (News 1st) – ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට එරෙහි වාර්ෂික සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය කොළඹ රාජකීය කණ්ඩායම කඩුලු 7කින් අද (23) ජය ගත්තේය .
කොළඹ රාජකීය - ගල්කිස්ස ශාන්ත තෝමස් 46 වැනි සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය කොළඹ එස්.එස්.සී පිටියේදී අද (24) පැවැත්විණි.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශාන්ත තෝමස් විද්‍යාලය සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව වන්නේ ලකුණු 165කි.
සේනාධි බුලන්කුලම ලකුණු 66ක් රැස් කළ අතර මහීත් පෙරේරා ලකුණු 28ක් රැස් කළේ ය.
පන්දු යැවීමේදී නායක දසිස් මංචනායක, බුලාන් වීරතුංග සහ සංදේශ් රාමනායක අතරේ කඩුළු 2 බැගින් බෙදී ගියේ ය.
මේ අතර පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි රාජකීය කණ්ඩායම වෙනුවෙන් රෙහාන් පීරිස් සහ උවිඳු වීරසේකර ශතක සබඳතාවක් ගොඩනැගූහ.
රෙහාන් පීරිස් ලකුණු 69ක් හා උවිඳු වීරසේකර ලකුණු 50 බැගින් රැස් කළ අතර නායක දසිස් මංචනායක නොදැවී ලකුණු 26ක් රැස් කළේ ය.
ලකුණු 166ක ඉලක්කයක් හඹා ගිය රාජකීය විදුහල් කණ්ඩායම පන්දුවාර 37ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී තරගය ජය ගත් අතර තරගයේ වීරයා ලෙස කිරුළු පැළැඳුවේ කොළඹ රාජකීය විද්‍යාලයේ රෙහාන් පීරිස් ය.
ජයග්‍රාහී රාජකීය විද්‍යාලයට මෙවර මස්ටෑන්ග්ස් කුසලානය හිමි විය.