ඉන්දීය ධීවරයින් සිව්දෙනෙකු නිදහස් කෙරේ

ඉන්දීය ධීවරයින් සිව්දෙනෙකු නිදහස් කෙරේ

by Staff writer 24-03-2023 | 8:11 PM

COLOMBO (News 1st) – සී ඔෆ් ශ්‍රී ලංකා කලාපයේ සාගර සම්පත් ඉන්දීය ධීවරයින් කොල්ලකෑම ගැන මෙරට ධීවරයින් චෝදනා කරන්නේ කලක සිටයි. 

යාපනය අනලෙයි දූපතේදී පසුගිය 12 වැනිදා අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් සිව්දෙනා අද (24) කොන්දේසි සහිතව නිදහස් කර තිබේ.

බලපත්‍රයක් නොමැතිව ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවීම, ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මසුන් ඇල්ලීම, මෙරට මුහුදු සීමාවේදී තහනම් පන්න ක්‍රම භාවිත කිරීම ඇතුළු චෝදනා යටතේ කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඔවුනට නඩු පවරා තිබුණි.

අදාළ චෝදනා පිළිගැනීමෙන් අනතුරුව වසර 05කට අත්හිටවූ වසර එකහමාරකට සිරදඬුවම් නියම කර ඔවුන් නිදහස් කෙරුණ.