ඇෆ්ගනිස්ථානයේ සිසුවියන්ට පාසල්වල දොරටු වැසෙයි

ඇෆ්ගනිස්ථානයේ සිසුවියන්ට පාසල්වල දොරටු වැසෙයි

by Staff writer 24-03-2023 | 6:28 PM

COLOMBO (News 1st) – ඇෆ්ගනිස්ථානයේ ද්විතික සහ උසස් පෙළ පාසල් සඳහා වූ නව අධ්‍යන වර්ෂය කිසිදු සිසුවියකගේ සහභාගිත්වයකින් තොරව ආරම්භ වී තිබේ. 

ඒ, එරට තලේබාන් පාලකයින් අධ්‍යාපනය සම්බන්ධයෙන් කාන්තාවන්ට පනවා ඇති තහනම් නියෝග හේතුවෙනි.    

එරට අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, පළමු වසරේ සිට 06 වසර දක්වා වූ සිසුවියන් සඳහා පමණක් පාසල් යාමට අවසර හිමිව ඇති බවයි. 

කෙසේවෙතත් ඉස්ලාමිය පාසල්වල පමණක් අධ්‍යාපනයට හැදෑරීමට සියලු වයස් කාණ්ඩයන්හි සිසුවියන්ට අවසර හිමිව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.