සංචාරකයින්ගේ පැමිණීමේ විශාල වර්ධනයක්

සංචාරකයින්ගේ පැමිණීමේ විශාල වර්ධනයක්.. දින 21 ක් තුළ සංචාරකයින් 84,000 ක් මෙරටට..

by Staff writer 23-03-2023 | 6:47 AM

COLOMBO (News 1st) - සංචාරකයින්ගේ පැමිණීමේ විශාල වර්ධනයක් වාර්තා වන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, මෙම මස 21 වැනි දා වනවිට සංචාරකයින් 84,000 ක් මෙරටට පැමිණ ඇති බවයි.

මේ වර්ෂයේ පළමු මාස 3 තුළ තුන්ලක්ෂ තිස්දාසක් ඉක්මවා සංචාරකයින් මෙරටට පැමිණ තිබේ.