පුංචි ඡන්දය ගැන කතා කරන්න අදත් හමුවක්

පුංචි ඡන්දය ගැන කතා කරන්න අදත් හමුවක්

by Staff writer 23-03-2023 | 6:04 AM

COLOMBO (News 1st) - පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින සියලුම දේශපාලන පක්ෂවල නියෝජිතයින් සහ මැතිවරණ කොමිසම අතර හමුවක් අද (23) පැවැත් වීමට නියමිතවේ.

මැතිවරණ කොමිසම සඳහන් කළේ, අද පෙරවරු 10.00 ට එම සාකච්ඡාව පැවැත්වෙන බවයි.

මෙහිදී පළාත් පාලන මැතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.

මේ අතර නිරීක්ෂණ සංවිධාන සහ මැතිවරණ කොමිසම අතර හමුවක් ද අද පෙරවරුවේ පැවැත්වීමට නියමිත වේ.