පළාත් පාලන මැතිවරණ⁣යේ තැපැල් ඡන්ද විමසීම කල්යයි

පළාත් පාලන මැතිවරණ⁣යේ තැපැල් ඡන්ද විමසීම කල්යයි - මැතිවරණ කොමිසම

by Staff writer 23-03-2023 | 4:16 PM

COLOMBO (News 1st) – පළාත් පාලන මැතිවරණ⁣යේ තැපැල් ඡන්දය දැනට නියම කර ඇති දිනවල නොපැවැත්වෙන බව මැතිවරණ කොමිසම නිවේදනය කර තිබේ.

ඒ, දේශපාලන පක්ෂ ලේකම්වරුන් සමග අද(23) පැවති දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව කොමිසම ගත් තීරණයකට අනුවයි.

ඒ අනුව කළින් සැලසුම් කළ පරිදි, මාර්තු 28, 29, 30, 31 සහ අප්‍රේල් 03 යන දිනවල පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම නොපැවැත්වෙයි.