ආංශික අධීක්ෂණ කාරක සභා සභාපතිවරු පත් කෙරේ

ආංශික අධීක්ෂණ කාරක සභා කිහිපයකට සභාපතිවරු පත් කෙරෙති

by Staff writer 23-03-2023 | 2:34 PM

COLOMBO (News 1st) -  පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා කිහිපයක් සඳහා සභාපතිවරුන් පත් කර තිබේ.

ඒ යටතේ ජාතික ආර්ථික සහ භෞතික සැලසුම් පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පත්කර ඇත්තේ, මහින්දානන්ද අළුත්ගමගේ මහතායි.

කෘෂිකර්ම සහ ආහාර සුරක්ෂිතභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධූරයට පත්කර ඇත්තේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී, ඩී. වීරසිංහ මහතායි.

කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිනිය ලෙස තලතා අතුකෝරළ මහත්මිය පත් කර තිබෙන අතර විදේශ රැකියා ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පත්කර ඇත්තේ විපක්ෂ මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතායි.