English
தமிழ்
කර්තෘ Sagarika Chathumali
23 Mar, 2023 | 1:41 pm
News 1st – ගුජරාට්හි අධිකරණයක් ඉන්දීය කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධිට වසර 2 ක සිර දඬුවමක් නියම කර තිබේ.
ඒ,අපහාස නඩුවක චෝදනා සම්බන්ධයෙන් ඔහු වරදකරුකරමිනි.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, 2019 මැතිවරණ ප්‍රචාරක රැලියකදී වත්මන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ වාසගම සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකට අදාළව ගුජරාට් අධිකරණය ඔහුට මෙම දඬුවම් නියම කර ඇති බවයි.
කෙසේ වෙතත් අධිකරණය ඔහුට දින 30ක ඇපයක් ලබා දී ඇති අතර ඒ අනුව , නියම වූ සිර දඬුවමට එරහෙිව රාහුල් ගාන්ධිට අභියාචනයක් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී.
2019 වසරේ මහ මැතිවරණයේදී කර්නාටක ප්‍රාන්තයේ මැතිවරණ රැලියක් අමතමින් ගාන්ධි ප්‍රශ්න කර ඇත්තේ සියලුම සොරුන්ට 'මෝදි'යන පොදු වාසගමක් යෙදී ඇත්තේ ඇයි ද යන්නයි.
ගාන්ධිගේ එම ප්‍රකාශය සමස්ත මෝදි ප්‍රජාවම අපකීර්තියට පත් කරන්නක් බව පවසමින් පාලක භාරතීය ජනතා පක්ෂයේ පූනේෂ් මෝදි විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව මෙම නඩුව පවරා තිබිණ.
මෙම නඩුවේදී නිවැරදි නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කර නොමැති බවත් ගාන්ධිගේ කතාවේ ඉලක්කය පූනේෂ් මෝඩි නොවන බැවින් නරේන්ද්‍ර මෝදි පැමිණිලිකරු විය යුතුව බවත් පවසමින් රාහුල් ගාන්ධිගේ නීතිඥයින් අධිකරණයේදී තර්ක කර ඇත.
කේසේ වෙතත් රාහුල් ගාන්ධි මේ සම්බන්ධයෙන් තවමත් ප්‍රතිචාර දක්වා නොමැති අතර කොංග්‍රස් පක්ෂය ට්විටර් පණිවුඩයක් යොමු කරමින් පවසා ඇත්තේ, "අපි සටන් කර දිනන්නෙමු" යනුවෙනි.
28 May, 2023 | 02:55 PM
25 May, 2023 | 06:38 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS